Header

Sri Lanka Army

Defender of the Nation

11th May 2020 07:58:24 Hours

මානසික සුවය වර්ධනය කිරීමේ තවත් දේශන මාලාවක්

නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සුවය වර්ධනය කිරීම උදෙසා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තවත් එක් පියවරක් ලෙස තොරතුරු දේශන මාලාවක් ඉකුත් සෙනසුරාදා (09) දින සංවිධානය කර ඇති අතර බොරුපන පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ පැවැති දේශනය පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේ විසින් ද පනාගොඩ බෝධිරාජාරාමයේ පැවැති දේශනය කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල ඇතුළු කණ්ඩායමක් විසින් ද කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවැති දේශනය මේජර් ටී.පී.ජේ.කේ. අල්විස් විසින් ද මෙහෙයවනු ලැබීය.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම දේශන පැවැත්විණි. Asics footwear | NIKE HOMME