Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2020 19:44:30 Hours

පූනරින් ප්‍රදේශයේ යුද්ධ හමුදා අස්වැන්න අවශ්‍යතා සහිත පවුල් 100 ක් අතර නොමිලේ බෙදාදෙති

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 661 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 66 වන පාබල සේනාංකය යටතේ ඇති 661 බලසේනාවේ භටපිරිස් විසින් ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව වී, නැවුම් අර්තාපල්, අමු මිරිස්, දිග බෝංචි, ඉරිඟු, වම්බටු, කොමඩු සහ කෙසෙල් අක්කර 12 ක භූමි ප්‍රමාණයක වගා කිරීමට සමත් වී තිබේ.

එම අස්වැන්න විකිණීමට ප්‍රථම, එම ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නැවුම් පළතුරු හා එළවළු පාර්සල් 100 කට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් නොමිලේ බෙදාදෙනු ලැබිණි.

තවද, මෙම අස්වැන්න පූනරින් ප්‍රදේශයේ වෙසෙන ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ සිවිල් හමුදා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉතා සහනදායී මිලකට අලෙවි කිරීමට ද නියමිතව ඇත. url clone | Nike Off-White