Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2020 19:33:11 Hours

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙතට

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එක්සත් රාජධානියේ ලන්ඩන් සිටි ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් ඉරිදා (03) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබිණි.

එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

ලොව පුරා පැතිරයන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් ඔවුන්ට කෙටි කාලයක් එක්සත් රාජධානියේ රැඳීසිටීමට සිදුවිය. short url link | Nike Off-White