04th May 2020 19:41:57 Hours
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ තවත් පුද්ගලයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (04) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.
බේරුවල, මරදාන සහ මාලිගා වත්ත වැනි ප්‍රදේශයන්හී එම පිරිස් නිරෝධායනය අවසන් වී තම නිවෙස් බලා පිටත් වන ලදී. එම පිරිසට ප්‍රවාහන පහසුකම් මෙන්ම ආහාරපාන ද ලබා දී තිබිණි. නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Sports Shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival