Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 09:50:35 Hours

24 වන සේනාංකයේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පිළිබඳ දැනුවත් වෙති

'කොරෝනා’ වෛරසය සහ එම වෛරසය පැතිරීම පිළිබඳ 24 වන සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (01) දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබිණි.

24 වන සේනාංකයේ මේජර් ජෙනරාල් චින්තක ගමගේ ගේ ආරාධනයකට අනුව සමන්තුරේයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය මොහොමඩ් කබීර්ගේ ප්‍රධානත්වයෙන් සපැමිණි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එම රෝග ලක්‍ෂණ ආවරණය කරමින් පවත්වනු ලැබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී මෙම වෛරසය වැළැක්වීම සහ පූර්වාරක්‍ෂාව, සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම වැනි කරුණු රැසක් ආවරණය කෙරුණු අතර 24 වන සේනාංක නිලධාරින් / සෙසු නිලයින් රැසක් මෙම වැඩසටහනට සහභාගී වූහ. Buy Kicks | Nike Shoes