03rd May 2020 17:05:14 Hours
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දම්මින්න සහ වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉරිදා (03) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.
මේ අතර, ඔවුන්ගේ ගමනාන්තය වන බේරුවල කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරද යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් අතර නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Running sports | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth