30th April 2020 09:13:35 Hours
යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (01) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත් වූහ.
රාගම සහ කොළඹ වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස් වෙත ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි. නිරෝධායන කටයුතු සම්පූර්ණ කර පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් පැමිණ සිටියහ. Nike Sneakers Store | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf