Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 09:15:35 Hours

මධ්‍යම භට පිරිස් වෙත එළවළු බීජ ලබා දෙයි

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් යුද්ධ හමුදාවට ලබා දී ඇති එළවළු බීජ තොගයක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම මූලස්ථාන අතර බෙදා දෙනු ලැබිණි.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති මූලස්ථානයන්හී නිලධාරීන් වෙත එම එළවළු බීජ තොගය බෙදා දෙන ලදී.

මෙම බීජ නිකුත් කර ඇත්තේ ස්වයංපෝෂිත බව ඉස්මතු කර පෙන්වන සහ ගෙවතු වගාව දිරිමත් කිරිමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලවය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිලධාරීන්, ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Ανδρικά Nike