Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 09:45:35 Hours

යාපනයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ජනතාව අතර, වියළි ආහාර සලාක මළු සහ නිමි ඇදුම් බෙදාදෙනු ලබයි

COVID - 19 වසංගතය හේතුවෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට සහන සැලසීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 511 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් වියළි ආහාර සලාක හා නිම් ඇඳුම් බෙදා දීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීයගේ මගපෙන්වීම මත 51 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 511 වන බලසේනාවේ භට පිරිස් එම වියළි ආහාර පාර්ෂල් සහ නිම් ඇදුම් තොගය විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අවශ්‍යතා ඇති පවුල් අතරේ බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සාවල්කට්ටු ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල්වල දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් යාපනයේ ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමයේ (Good Shepherd's Convent - Jaffna) සහෝදරියන් විසින් සිදු කරන ලදී.  මේ අතර, යාපනය අර්ධද්වීපයේ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රජාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ගුරුනගර් සහ සින්කඩායි ප්‍රදේශවල වෙසෙන විවිධ අවශ්‍යතා ඇති පවුල් අතර නිමි ඇඳුම් බෙදාදීමේ වැඩසටහනක් යාපනයේ ස්ථාපින 6 වන ශ්‍රි ලංකා සංඥා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ සියළුම නිලයන් විසින් සංවිධානය කරන ලදී. jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ