Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 10:15:35 Hours

තවත් ආරක්‍ෂක උපකරණ කට්ටල තොගයක් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි වෙත පරිත්‍යාග කරයි

රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලංකාවේ පොලිමර් නිෂ්පාදන හා රීසයිකල් සංගමයේ ‘Polymer Manufactures & Re-cyclers Association of Sri Lanka’ නිලධාරීන් කණ්ඩායමක් විසින් ආරක්‍ෂක උපකරණ කට්ටල 500 ක තොගයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් (29) දින ඉදි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාගය කළේය.

මෙම පිරිස කෙටි කාලීනව වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට භාවිතා කිරිම සඳහා මෙම ආරක්‍ෂක උපකරණ තොගය පරිත්‍යාග කර තිබිණි. මෙම පරිත්‍යාගය වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ට සිය ස්තූති පුද කළේය.

මෙම අවස්ථාව සඳහා පළිබෝධ කළමනාකරණ නියාමන ආයතනයේ සභාපති අනුර විජෙතුංග, භාණ්ඩාගාරික මහින්ද පනාගොඩ සහ උපුල් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වූහ. best Running shoes brand | Marki