Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2020 17:53:27 Hours

යාපනයේ භටපිරිස් මානුෂීය සත්කාරයන් අඛණ්ඩව සිදු කරයි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ ඇති 512 සහ 515 යන බළසේනාවන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාජිකයින් තෙලිප්පලෙයි සහ වෙලනි යන ප්‍රදේශයන්හී දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන වැසියන් වෙත මානූෂීය ආධාර බෙදාදීමේ වැඩසටහනක් ලෙස ඉකුත් සෙනසුරාදා (18) දින ඔවුන් අතර වියළි ආහාර සලාක සහ පෙර පිසින ලද ආහාර පාර්සල් බෙදා හැරීම වෙනුවෙන් රාජ්‍ය බලධාරීන් වෙත සිය සහයෝගය ලබා දී තිබුණි.

මේ අනුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය විසින් ලබාදී තිබු උපදෙස් මත 51 වන සේනාංකය යටතේ ඇති 515 වන බලසේනාවේ භටපිරිස් විසින් අදාළ දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා නිලධාරීන් සමග එක්වී එම ආහාර සලාකයන් සිවිල් වැසියන් අතර බෙදා දීමට කටයුතු කළහ. මීට සමගාමීව 512 වන බලසේනාවේ භටපිරිස් විසින් වේලානී ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් සඳහා පිසින ලද ආහාර පාර්සල් බෙදා හැරීමේ සමාජ සත්කාරයකටද දායක වූහ. affiliate tracking url | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals