20th April 2020 18:17:12 Hours
යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉකුත් සෙනසුරාදා (18) දින රෝහල්, බස් නැවතුම් ස්ථාන, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළදසැල්, මහජනතාව එක්රැස් වන ස්ථාන, ත්‍රිරෝද රථ ගාල් ඇතුළු මහජනතාව බහුලව ගැවසෙන විවිධ ස්ථාන විෂබීජහරණය කළහ.
යාපනය අර්ධද්වීපයේ කොවිඩ් 19 වෛරසය පැතීරීම අවම කිරිමේ අරමුණින් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් නල්ලූර්, චුන්නකාමම්, තිරුනල්වේලි, අරාලි, වලිකාමාම්, චන්කානායි, තෙලිප්පලෙයි සහ තවත් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි මෙම සමාජ සත්කාරක විෂබීජහරණ ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. latest Nike Sneakers | adidas Yeezy Boost 700 , Ietp