20th April 2020 18:10:25 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මහජනතාවගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම තවත් සංගීත ප්‍රසංගයක් ඉකුත් ඉරිදා (19) දින තිම්බිරිගස්යාය ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පවත්වන ලදී.
පවතින ඇදිරි නීතී තත්ත්වය හේතුවෙන් නිවාස තුළට සීමා වී සිටින ජනතාවට මානසික සහනයක් ලබාදීමේ අරමුණින් සිංහල, ඉංග්‍රිසි සහ දෙමළ තනු රැගත් මියුරු ගීතයන් ගායනා කරමින් පැය කිහිපයක් පුරාවට එම මහල් නිවාස වැසියන් මියුරු සංගීතයෙන් පිනවමින් ඔවුන්වෙත උපරිම රසාස්වාදයක් ලබාදීමට යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සමත් වූහ.
මෙම සංගීත ප්‍රසංගය පැවති එම අවස්ථාවේදී යුද්ධ හමුදා සංගීතයෙන් පීතීප්‍රමෝදයට පත්ව සිටි එම මහල් නිවාස සංකීර්ණ වැසියන් සිය නිවාසයන්හී සදලුතල මත සිට දෑත් ඔසවා අත්පොළසන් දෙමින් මහත් ප්‍රිති ප්‍රමෝදයට පත් වුහ.
මහල් නිවාස සංකීර්ණයන්හි ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් සංගීත කණ්ඩායම් විසින් මෙලෙස දැවැන්ත සංගීත ප්‍රසංගයන් පවත්වනු ලබයි. Running Sneakers | Nike for Men