19th April 2020 23:37:46 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 9 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ විශේෂ පුහුණුවක් ලත් භට පිරිසක් ඉකුත් සිකුරාදා (17) දින මුලතිව් සිට මුල්ලියාවේලී දක්වා වූ මහජනතාව ගැවසීමට නියමිත ප්‍රදේශයන් විෂබීජ නාශක යොදා විෂබීජහරණයට ලක් කළහ.
මෙම විෂබීජ නාශක වැඩසටහන මගින් සියළුම බස් නැවතුම් ස්ථාන, බැංකු, වෙළද ප්‍රදේශ, ප්‍රධාන වෙළදසැල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ආදී වශයෙන් වූ මහජනතාව වැඩි වශයෙන් ගැවසීමට ඉඩ ප්‍රස්ථාවක් ඇති සෑම ස්ථානයක්ම විෂබීජහරණයට ලක්විණි.
මෙම සමාජ සත්කාරක වැඩසටහන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්තී ජයතිලක ගේ අධික්‍ෂණය මත මුලතිව් භටපිරිස් විසින් ක්‍රියාවට නංවා තිබුණි. Nike air jordan Sneakers | Air Jordan