18th April 2020 19:26:09 Hours
කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කිරීමට සහ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාහදා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඉකුත් සිකුරාදා (17) දින නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කළ අතර එහිදි, ආරක්ෂක ලේකම්තුමන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමතමින් අතිගරු ජනාධිපතිතුමාගේ කෘතඥතාවය ඔවුන්ට පුද කළේය. ඇතිවු හදිසි තත්ත්වය හේතුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරිමට බොහෝ දෙනෙකුට සිය නිවෙස් වෙත යාමට නොහැකි වූවද, ඔවුන් සියලුදෙනා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාහදා ගැනීමට ආරක්ෂක ලේකම්තුමන් මෙහිදි අමතක නොකළේය.
ආරක්ෂක ලේකම්තුමන් සමගින් ත්‍රිකුණාමලයේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල මාරසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ප්‍රධාන දොරටුව අභියසදී, හමුදා සම්ප්‍රදායානුකූලව 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබු කඳවුරු සම්මාන මුරය ආරක්ෂක ලේකම්තුමන් පසුකරගෙන යනු ලැබීය.
ඉන් අනතුරුව, නැගෙනහිර පළාතේ සේවය කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 250 කට අධික පිරිසක් ආරක්ෂක ලේකම්තුමන් විසින් පවත්වනු ලැබු දේශනයකට සවන් දුන්හ. අප සමාජය පත්ව ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ කොවිඩ් -19 වෛරසය පැතිරිම පාලනය කිරීම සඳහා සියලුදෙනා දක්වන ප්‍රසංශනීය කාර්යභාර්ය පැසසුමට ලක් කළ ආරක්ෂක ලේකම්තුමන් රජයේ මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අලුත් අවුරුදු සුබපැතුම් සියලුදෙනා වෙත පිරිනැමීමට ද මෙහිදී අමතක නොකළේය.
නැගෙනහිර පළාතේ සිදුකළ මෙම සංචාරය සංකේතවත් කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් ආරක්ෂක ලේකම් තුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා, සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස -නැගෙනහිර ආඥාපති, චීනවරාය පිහිටි ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Sneaker & Lifestyle News