19th April 2020 23:40:27 Hours
යාපනය ශීක්‍ෂණ රෝහලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමක් සදහා ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහල් පරිශ්‍රයට පැමිණෙන මහජනතාවට ඉඩකඩ සහිතව වාහන නවතා තැබීම සදහා ආවරණ සහිත නැවතුම් ස්ථානයක් ඉදිකරන ලදි.
රෝහල් බලධාරීන් විසින් ලබාදුන් උපකරණ යොදාගනිමින් භටපිරිස් ඉදිකරනු ලැබූ නව වාහන ගාල් කර තැබීමේ ස්ථානය ඉකුත් සිකුරාදා (17) දින රෝහල් බලධාරීන් වෙත භාරදීමටද කටයුතු සංවිධානය කර තිබුණි. trace affiliate link | Nike