Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 22:30:39 Hours

කොවිඩ් 19 උවදුර පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කරුණු පැහැදිලි කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් ඉකුත් සිකුරාදා (17) දින ස්වාධින රූපවාහිනිය, ස්වර්ණ වාහිණිය, හිරු ටී.වී සහ දෙරණ ටී.වී ආදි ප්‍රමුඛ පෙළේ විද්‍යයුත් මාධ්‍ය නාලිකා මගින් ඉදිරිපත් කරන ලද සජීව වැඩසටහන් තුළින් දැනට කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මේවන විටත් යුද්ධ හමුදාව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් මෙන්ම දැනට හුදකළා කර ඇති ගම්මානයන්හී වත්මන් තත්ත්වය, ප්‍රජා වගකීම්, නිරෝධායන කාර්යයන්, PRC පරීක්ෂණ පවත්වා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියේ වෙනුවෙන් යොදවා ඇති පුද්ගලයින් පරික්‍ෂා කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරිමක් යුද්ධ හමුදාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

තවද, මෙම වෛරසය තවදුරටත් මර්ධනය කර ගන්නා ආකාරය මෙන්ම ඒ වෙනුවෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදි තවදුරටත් අවධාරණය කර තිබුණි. Sport media | Nike