17th April 2020 11:20:23 Hours
කොඩිඩ් - 19 වසංගතය උවදුර මැඩලීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ පුද්ගලයන් බව උත්තේජනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ‘එක්ව රුකෙමු’ නමින් සුවිශේෂි විඩියෝ ගීතයක් නිර්මාණය කර තිබේ. බලශක්ති අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වය මත නිර්මාණය කර ඇති මෙම විශේෂ ගීතය එළිදැක්වීම ඉකුත් (07) වන අගහරුවාදා දින සිදු විය. එම විශේෂ ගීතය එළි දැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් වරයා ඇතුලු යුද හා පොලිස් සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, වෛද්‍ය විශේෂඥවරුන් මෙන්ම අමාත්‍යවරුන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු ද සහභාගි වී තිබුනි.
මෙම විශේෂ සංගීත විඩියෝ නිර්මානයේ නිෂ්පාදන දායකත්වය බලශක්ති අමාත්‍යංශයේ මොහොමඩ් උවායිස් මහතා අතින් සිදු වී තිබු අතර එම නිර්මාණයට ‘යු ටියුබ්’ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක් මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාදී තිබුනි. එමෙන්ම මෙම විඩියෝ ගීතය ‘යු ටියුබ්’ සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියේ ප්‍රචාරය විමෙන් අනතුරුව ලැබෙන ආදායම කොවිඩ් - 19 නිවාරන කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලට බැර කිරිමට නියමිතය. තවද මෙම විඩියෝ සංයුක්ත තැටියේ පළමු පිටපත විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිරිනැමීමද එම කල එළි මංගල්‍යයේදී සිදු විය.
උසස් අධ්‍යාපන අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන, (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ කොවිඩ් - 19 උවදුර මැඩලීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ, වෛද්‍ය රූපලාවන්‍ය සත්කාර ඒකකයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ජාතික ලොතරැයි මණ්ඩල සභාපති ලලිත් පියුම් පෙරේරා ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක්ද මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගි වුහ. එම විශේෂ සංගීත විඩියෝව පහතින් දැක්වේ. url clone | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth