Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 23:45:49 Hours

යාපනය අර්ධද්වීපයේ රාජකාරී කටයුතු සිදුකරමින් අමිල මෙහෙවරක් ඉටු කරන ලබන ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් ආරක්‍ෂකගේ ලේකම් ඇගයීමට ලක් වේ

යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව රාජකාරි කටයුතු වල නියැලි මහත් සේවයක් ඉටු කරනු ලබන ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන්ගේ සේවය අගයමින් ඔවුන්ට උදාවු නව වසර වෙනුවෙන් සූභාශිංසන පිරිනැමීමට ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිකුරාදා (17) දින යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවිය.

එම සංචාරයේදී රණවිරුවන් අමතා විශේෂ දේශනයක් සිදු කළ ආරක්‍ෂක ලේකම්වරයා ඔවුන් වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සුභපැතුම් ද එක් කළ අතර දැනට රටේ කොවිඩ් 19 උවදුර හේතුවෙන් උදාවී ඇති අභියෝග පිළිබදවද එහිදි ආරක්‍ෂක ලේකම්වරයා විසින් වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

“යාපනයේ හෝ කොළඹ, ගම්පහා සහ කළුතර දිස්ත්‍රික්කවල වැනි අවදානම් සහිත දිස්ත්‍රික්කවල ඔබගේ කැපවීම සෞඛ්‍ය බලධාරීන්ට ඉමහත් උපකාරයක් විය. ආසාදිත ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙකුට විවිධ මට්ටම්වල සම්බන්ධතා රාශියක් ඇති අතර ඔවුන් නොදැනුවත්වම වෛරසය සම්ප්‍රේෂණය කර ඇත. ඒ හා සමානව, අපගේ හමුදාවන්ට සහ පොලිස් භටයින්ට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීමට සිදු වූයේ එම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන් ගිය ස්ථානය සහ ස්ථාන පිළිබඳ තොරතුරු සැඟවීමට උපරිම උත්සාහයක් දැරූ බැවිනි. මෙම කාර්යය වෙනුවෙන් කැපවූ අපගේ භටයින්ට සහ පොලිස් භටයින්ට ඔවුන්ගේ 2, 3, 4 වන සම්බන්ධතා මට්ටම් නිවැරදිව උපකල්පනය කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු විය. සෞඛ්‍ය බලධාරීන් සමඟ අත්වැල් බැඳගත් ඔබ, අපගේ බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන් විසින් ලබාදුන් සහයෝගය මත එම මිනිත්තු කිහිපය තුළ ඊට අදාළ තොරතුරු අනාවරණය කොට ගෙන තිබිනි.

ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා යාපනය පදනම් කරගත් සියලුම සිවිල් බලධාරීන්ට ඔවුන්ගේ සහාය අඛණ්ඩව ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි ඔහු කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් ඇති අධි අවදානම් ප්‍රදේශයක් වන යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා රාජකාරීන් සිදු කරනු ලබන වෛද්‍ය නිලධාරීන්, හෙදියන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම පාර්ශවකරුවන් වෙත සිය කෘතඥතාවයද පළකර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයා මාර්ෂල් සුමංගල ඩයස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය, යාපනය ප්‍රදෙශය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් මෙන්ම යුද, ගුවන්, නාවික සහ විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසක් සහභාගී වූහ. Nike Sneakers | jordan Release Dates