Header

Sri Lanka Army

Defender of the Nation

15th April 2020 17:00:44 Hours

කොම්පඤ්ඤවීදිය මහල් නිවාස සංකීර්ණයේ නිවැසියන් යුද්ධ හමුදා සංගීතයෙන් විනෝදාස්වාදයට පත්වෙයි

කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මහල් නිවාසවලට සීමා වී සිටින මහජනතාවගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම තවත් දැවැන්ත ප්‍රසංගයක් ඉකුත් අඟහරුවාදා (14) දින නිවාස 320 කින් සමන්විත කොම්පඤ්ඤවිදීයේ පිහිටි Slave Island මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පවත්වන ලදී.

කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායම මහජනතාවගේ උණුසුම් ප්‍රීතී ඝෝෂා මධ්‍යයේ ඔවුන්ගේ සංගීත කුසලතාවයන් ප්‍රදර්ශනය කළහ.

අප සමාජයේ මෙම තීරණාත්මක මොහොතේ, එම නිවාස සංකීර්ණයන්හී ජිවත්වන සිවිල් වැසියන් ඔවුන්ගේ නිවාසයන්හි සදලුතල මත සිට දෑත් ඔසවා අත්පොළසන් දෙමින් මහත් ප්‍රිති ප්‍රමෝදයට පත් වුහ.

මහල් නිවාස සංකීර්ණයන්හි ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් සංගීත කණ්ඩායම් විසින් මෙලෙස දැවැන්ත සංගීත ප්‍රසංගයන් පවත්වනු ලබයි. Authentic Sneakers | New Balance 991 Footwear