15th April 2020 17:30:44 Hours
ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් සියලු නිලයන් සදහා ඉදිකළ දන්ත වෛද්‍ය ඒකකය සහ ප්‍රතිසංස්කරණය කරන ලද කායවර්ධන මධ්‍යස්ථානය ඉකුත් අඟහරුවාදා (14) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ සුරතින් පීත්ත පටිය කපා සමරුඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට සපැමිණි සේනාංකාධිපතිතුමන්, එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම විවෘත කිරීමේ කටයුතුවලින් පසුව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ නව ගොඩනැගිලි ද්විත්වය නිරික්‍ෂණය කල අතර එම නිරික්‍ෂණ සංචාරය අවසානයේදි සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවතිනි. best Running shoes | Asics Onitsuka Tiger