Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 23:42:59 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් රටේ පවතින තත්වය හේතුවෙන් අසරණ භාවයට පත්ව ඇති ජනතාව අත්විඳින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඉකුත් සෙනසුරාදා (11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජිවත්වන අසරණ පවුල් 32 ක් සඳහා වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 32 ක් බෙදාදීමට කටයුතු කර තිබිනි.

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාමත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අසරණ වු ජනතාවට මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයනාත් ගුණරත්න ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ගේ සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.එම්.පී.පී. දිසානායක ගේ මඟපෙන්වීම යටතේ භටපිරිස්හී දායකත්වය මත දියත් කරනු ලැබීය.

මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන සඳහා 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්.ඊ.එස්.සී. හේවාවසම් ද සහභාගී විය. Running Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov