Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 23:43:59 Hours

සම්පත්නුවර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සළාක මලු 750 ක් බෙදාදෙයි

වටවල තේ සිලෝන් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහය ඇතිව වියළි ආහාර සළාක මලු තොගයක් මුලතිව් දිස්ත්‍රික්කයේ සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 750 ක් වෙත ඉකුත් සිකුරාදා (10) දින බෙදාදීමට අවශ්‍ය සහයෝගය හා සම්බන්ධිකරණ කටයුතු 621 බලසේනාවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ උපදෙස් මත 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම බෙදාහැරීමේ කටයුතු සංවිධානය කරන ලද අතර මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ හා අධීක්‍ෂණ කටයුතු 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර අතින් සිදු විය.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් අනුග්‍රහය දැක් වු පරිත්‍යාගශීලින් සමඟ සංචාරය කරමින් මෙම වියළි සළාක මලු බෙදාදීමේ අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 වන බලසේනාවේ බලසේනාධිපති, වටවල තේ සිලෝන් ආයතනයේ කාර්යමණ්ඩලය, 62 වන සේනාංකයේ සහ 621 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්වූහ. Running Sneakers | Nike Air Max