15th April 2020 23:23:46 Hours
කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගීන් සඳහා දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන සියගණනකට ආසන්න යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉටුකරනු ලබන අතිමහත් කාර්ය භාරය අගය කරනු වස් බෞද්ධ විශාරද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැපිළියාන ශ්‍රී සුනේත්‍රදේවි රාජ මහා පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් විසින් බදාදා (15) දින කොවිඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශල්‍ය මුහුණු ආවරණ 4100 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.
යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුර අපේ ජාතියේ මෙම තීරණාත්මක මොහොතේදී සන්නද්ධ හමුදාවන්ගේ කැපවීම පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් පළ කළ අතර, මාරාන්තික වෛරසයට එරෙහි මෙහෙයුමේ ක්‍රියාකාරීව නියැලී සිටින සෞඛ්‍ය සේවකයින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට එක්සත් පවුලක් ලෙස මෙම අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් අවධාරණය කළහ.
කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ කටයුතුවල නියැලී සිටින නිරෝධායන මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම මුහුණු ආවරණ තොගය යුද්ධ හමුදාවට පරිත්‍යාග කිරිම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය කෘතඥතාවය ගෞරව සම්ප්‍රයුක්තව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් වෙත පිරිනමන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වෙත කුඩා චෛත්‍යයක අනුරුවක් පිළිගන්වනු ලැබුණු අතර, යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම අවස්ථාවට එම විහාරස්ථානයේ දායකයින් දෙදෙනෙකු ද සහභාගී වූහ. Authentic Sneakers | Buy online Sneaker for Men