15th April 2020 22:00:44 Hours
කොවඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (15) දින පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාග කරන ලද ඩ්‍රෝන කැමරා උපකරණ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැනට හුදකලා කර ඇති ගම්මානවල මානව ක්‍රියාකාරකම් අධීක්‍ෂණ කිරිම සඳහා භාවිතා කිරිමට සහ අනාගතයේදී ගුවන් නිරීක්ෂණ ඒකකයක් ලෙස භාවිතා කිරීමට ද යුද්ධ හමුදාධිපතිවරයා අපේක්‍ෂා කරයි.
එමෙන්ම රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ යුද්ධ හමුදාව ඉටුකරන ලබන අති විශිෂ්ට කාර්ය භාරය වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනැමු අමාත්‍ය විමල් වීරවංශ මහතා යුද්ධ හමුදාව විසින් ඉදිරියේදී සිදු කිරිමට නියමිත සමාජ සත්කාරයන් වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බවටද මෙහිදි සඳහන් කළේය. short url link | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ