Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 23:05:06 Hours

සන්දිලිපායි සහ තෙලිප්පලෛයි ප්‍රදේශයේ තෝරාගත් පවුල් වෙත යුද්ධ හමුදාව විසින් වියළි ආහාර සළාක මලු බෙදාදෙයි

51 වන සේනාංකය යටතේ ස්ථාපිත 515 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින එම ප්‍රදේශයේ ජිවත්වන ජනතාවට මතුවී ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින්, සන්දිලිපායි සහ තෙලිප්පලෛයයි ප්‍රදේශයේ තෝරාගත් පවුල් වෙත වියළි ආහාර සළාක මලු 30 ක් බෙදා දීමට කටයුතු කර තිබුණි.

රටපුරා පවතින ඇඳිරි නීතිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට කිසිදු රැකියාක නිරත වීමට නොහැකිව සමෘද්ධි සහ රජයේ වෙනත් ආයතන වෙතින් ලබාදෙන සුභසාධන දීමනා මත පමනක් ජිවත්වන අතර පවතින තත්ත්වයත් සමඟ එම ජනතාව පත්ව ඇති දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදාව විසින් මෙලෙස ඔවුන්ට වියළි ආහාර සළාක මලු බෙදාදෙනු ලැබීය.

අසරණ ජනතාවට වියළි ආහාර සළාක මලු බෙදාදීමේ මෙම සමාජ සත්කාරය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය, 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 515 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත ක්‍රියාවට නංවා තිබුණි. Running sport media | adidas Yeezy Boost 350