12th April 2020 23:10:06 Hours
පූජ්‍ය හල්මිල්ලෑවේ වනරත්න හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ පරාක්‍රමපුර, පදවිය, බිසෝකොටුව, බෙල්ලන්කඩවල, ග්‍රේවල්කන්ද සහ වෙහෙරතැන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් 100 ක් සඳහා වියළි ආහාර සළාක මලු තොගයක් ඉකුත් ඉරිදා (12) දින බෙදාදෙන ලදී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යු. ධම්මික ජයසිංහ සහ 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.පී. වික්‍රමසේකර ගේ අධීක්‍ෂණය යටතේ 62 වන සේනාංකයේ සහ 621 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සමඟ එක්ව මෙම වියළි සළාක මලු බෙදාදීමේ වැඩසටහන සංවිධානය කරන ලදී.
වියළි සළාක මලු බෙදාදීමේ වැඩසටහන සඳහා 62 වන සේනාංකයේ සහ 621 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Adidas shoes | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK