Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 23:15:06 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අනුග්‍රහකයින්ගේ දායකත්වය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සළාක මලු බෙදාදෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස්, පරිත්‍යාගශීලින් කණ්ඩායමක් සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (11) දින පොන්නගර්, වේලන්කුලම් සහ උයිලන්කුලම් ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් මිලියනයක වටිනාකමින් යුත් වියලි ආහාර සලාක මලු 225 ක් බෙදාදෙනු ලැබීය.

මෙලෙස බෙදාදෙනු ලැබු සෑම සහන මල්ලකම සහල්, පරිප්පු, සීනි, තේ, සෝයා පැකට්, ළූණු, අර්තාපල්, ටින් මාළු, කරවල සහ ලුණු පැකට් ආදි අත්‍යවශ්‍ය වියළි ආහාර සලාකයන් රැසක් අඩංගු විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ අධික්‍ෂණය යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ මඟපෙන්විම යටතේ 65 වන සේනාංකයේ භටපිරිස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් මෙම වියළි ආහාර සළාක මලු 225 බෙදාදෙන ලදී.

මෙම ව්‍යාපෘතියට වටවල තේ සිලෝන් ලිමිටඩ් ආයතනය සහ එහි ක්‍රියාකාරී තවත් සහෝදර සමාගමක් වන මැසෝන් බී.ටී.එල් පුද්ගලික සමාගම සහ එහි කාර්යමණ්ඩලය විසින් අනුග්‍රාහකත්වය දැක්විය. 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් සමඟ එක්ව මෙම ජංගම බෙදාහැරීමේ කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම අනුග්‍රාහකයින් මීට ප්‍රථම අප්‍රේල් මස 6 සහ 7 දිනයන්හිද මෙලෙසම වියළි සළාක මලු තොගයක් බෙදා දීමට දායකත්වය දී තිබුණි. Best Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp