12th April 2020 23:00:06 Hours
දියතලාව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 11 වන නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා ඉකුත් සෙනසුරාදා (11) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට සපැමිණි නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. ඉන් අනතුරුව පැවති සියලුනිල තේපැන් සංග්‍රහයට සහභාගී වූ නව ආඥාපතිතුමන් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයන් ඇමතීය. මීට ප්‍රථම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වු තනතුර සදහා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා පත්වනු ලැබීය.
මේජර් ජෙනරාල් කොස්තා මෙම නව පත්වීම භාර ගැනීමට පෙර 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරන ලදී. best Running shoes brand | Air Jordan Release Dates 2020