Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 23:48:59 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදාවේ කාර්යභාරය අගය කරමින් අලුත් අවුරුදු සුබපැතුම් එක් කිරීමට උතුරේ සේවය කරන ගුවන් හමුදා භටයින් හමුවෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරය අතරතුර, ඉරිදා (12) දින පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සියලු නිලයින් හමුවී ඔවුන් සමඟ අලුත් අවුරුදු සුබපැතුම් බෙදාගැනීමට ද අමතක නොකළේය. පලාලි ගුවන් හමුදා කඳවුර වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන්ව, ගෲප් කපිතාන් අසේල ජයසේකර ඇතුළු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි පලාලි ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සියලු භටපිරිස් අමතමින් ඔවුන්ගේ කැපවු කාර්යභාරය අගය කළ අතර අලුත් අවුරුද්ද උදාවීමත් සමඟම සුබපැතුම් ද එක් කළේය.

“අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවධියේදී මුළු ලෝකයම මෙම වසංගතයෙන් තර්ජනයට ලක්ව සිටින විට ඔබ කළ කැපවීම හා මිල කළ නොහැකි සේවය, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය, ආරක්ෂක ලේකම් සහ සියලු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් අගය කරනු ලැබේ. කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ද මා සන්නද්ධ හමුදාවේ සේනාධිනායකයා ලෙස පත් කළ අතිගරු ජනාධිපතිතුමන් මෙම අභියෝගාත්මක කාර්යය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට, නාවික හමුදාවට සහ ගුවන් හමුදාව වෙත පවරා ඇති අතර රටේ පැවැත්මට තර්ජනයක් වූ සෑම අවස්ථාවකම අපි එය ආරක්ෂා කර ඇත්තෙමු. අපගේ ජීවිත දැන් වෙනස් වී ඇති අතර, මේ අලුත් අවුරුදු සමයේදී අපට අපගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ එක්විය නොහැකි වුවද, අප හොඳින් කටයුතු කර අනෙක් සියලුදෙනාට නිරෝගීව සිටීමට ඉඩදීමෙන් රටේ ආඩම්බර පුරවැසියෙකු විය හැකිය. ජාතිය සුවපත් කිරීම සඳහා, ඔබ නිරෝගීව සිටීම අත්‍යාවශ්‍ය වන අතර එබැවින් දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණය වීමට එරෙහිව සියලු ආරක්ෂක පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.” යනුවෙන් ගුවන් හමුදා භටපිරිස් අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පැවසීය.

“මෙම තීරණාත්මක කාලය තුළ ගුවන් හමුදා භටයින් විසින් කරන ලද කැපවීම අගය කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා ඉතා කෙටි කාලයක් තුළ සන්නද්ධ හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ගත් ආකාරය ඔවුන්ට මතක් කර දුන්නේය. “එවිට අපගේ දෙවන කාර්යය වූයේ වෛරසය ආසාදනය වු රෝගීන් සහ ඔවුන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් සෙවීමයි. එම කාර්යය ඉටු කිරීම සඳහා යුද්ධ හමුදා භටයන් සමඟ අත්වැල් බැඳගත් ගුවන් හමුදා භටයින්ගේ කැපවීම මෙහිදි මම අගය කළ යුතුයි. ඊළඟට, අපි හැමෝටම ඔවුන්ව බලා ගැනීමේ වගකීම තිබුණා. මේ දක්වා, ත්‍රිවිධ හමුදාව වන අපි එක් ජාතියක් ලෙස අපගේ කොටස ඉටු කර ඇත්තෙමු. මීට අමතරව, මෙම මෙහෙයුම ආරම්භයේ සිටම සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය අපට සහයෝගය දැක්වූ ආකාරය පිළිබඳව මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී භටපිරිස් අමතමින් වැඩිදුරටත් පැවසීය.

“ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගේ කාරුණික සහයෝගිතාවය අපගේ කාර්යයන් පහසු කරවන අතර ඔහු සෑමවිටම ගුවන් හමුදාව වෙනුවෙන් පෙනී සිටියේය. ගුවන් හමුදා භටපිරිස් ද විෂබීජ නාශක කුටි වැඩිදියුණු කර ඇති අතර මෙම ජාතික කර්තව්‍යයට සහ මෙම මාරාන්තික වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දී ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙහිදි සඳහන් කළේය. “වෙනත් රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ කාර්යභාරය බෙහෙවින් ප්‍රශංසනීයයි. මෙම වෛරසයෙන් ජාතිය බේරාගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය තුමන්, ආරක්ෂක ලේකම් තුමන්, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශ, රජය ආයතන සහ මාධ්‍ය තවමත් අඛණ්ඩව කටයුතු කරමින් සිටීයි. ඒ නිසා මම අපේ රට වෙනුවෙන් ඒ හැමෝටම ස්තූති කරන්න කැමතියි. අපි අද වනවිට කොවිඩ් - 19 වෛරසය පැතිරීම ආරම්භවී පස්වන සතිය පසුකරමින් සිටිමු. කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ප්‍රතිශතය වෙනත් රටවල් සමඟ සංසන්දනය කළහොත් මෙම උවදුර පාලනය කිරීම දෙස බැලීමෙන් අපට සතුටු විය හැකිය.” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා භටපිරිස් අමතමින් වැඩිදුරටත් පැවසීය. Nike shoes | M2k Tekno