Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2020 21:42:16 Hours

යාපනයේ භටපිරිස් අසරණවූ ජනතාවට දිනපතා පිසු ආහාර බෙදාදෙයි

කොවිඩ්-19 වෛරසය පැතීරයාම වැළැක්වීම සදහා 2020 මාර්තු මස 21 දින සිට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මාර්ගය අසල සිටින අසරණ සිවිල් වැසියන්ට දිනපතා පිසු දිවා ආහාර පාර්සල් 300 ක් බෙදාදීමේ වැඩසහනක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස්හි මූලිකත්වයෙන් අඛණ්ඩව සිදුකරනු ලබයි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය අසරණ ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුව භටපිරිස් ඔවුන්ගේ මූලික ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුකිරීම සඳහා දායකත්වය දැක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව දිනපතා මෙම ආහාර පාර්සල් අසරණ ජනතාව වෙනුවෙන් බෙදාදෙනු ලබයි. Sportswear free shipping | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes