Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2020 17:04:04 Hours

683 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහනදායි මිලකට ලභාදෙයි

දිවයින පුරා උද්ගතව ඇති වසංගත තත්ත්වයට පිළියමක් වශයෙන් දියත් කරනු ලැබු ප්‍රජා ව්‍යාපෘතියේ තවත් එක් අදියරයක් ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත ඉකුත් බදාදා (8) දින 7 වන ගැමුණු හේවා බලමුළුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් උදයකට්ටු ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායි මිලකට ලභාදීම වෙනුවෙන් ‘ජංගම විකුණුම්’ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

මෙම ජංගම සහන යාත්ත්‍රාව 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්. එම්. පී. ජේ රත්නායක ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 683 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී. ආර්. එන්. හෙට්ටිආරච්චි විසින් සංවිධානය කරන ලද.

දැනට පවතින ඇඳිරි නීතිය නිසා මහජනතාවගේ ගමන් බිමන් සීමා කර ඇති අතර, 683 වන බලසේනාවේ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස භට පිරිස් විසින් සහන මිල ගණන් යටතේ වියළි සලාක, එළවළු සහ කුළුබඩු පාර්සල් බෙදා දුන් අතර මෙම ජංගම සහන යාත්ත්‍රාව රජයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දියත් කරන ලදී. best shoes | Nike nike dunk high supreme polka dot background , Gov