11th April 2020 17:05:45 Hours
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනංකය යටතේ කතරගම, යාල ගෝතමීගම ස්ථාපිත 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් හම්බන්තොට මහ රෝහලේ රුධිර බැංකුව වෙත සිය රුධිරය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින පරිත්‍යාග කරනු ලැබීය.
කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහනේදී, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු පමණ හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.
පවතින තත්ත්වය මත 2020 අප්‍රේල් මස 16 සහ 2020 අප්‍රේල් මස 21 යන දිනවල පිළිවෙලින් යාල පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේදී සහ කතරගම පිහිටි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඒකකයේදී මෙවන් රුධිර පරිත්‍යාග වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදාම් කර ඇත. මෙම ඇඳිරි නීති කාලසීමාව හේතුවෙන් හදිසි අවස්ථාවකදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙසේ ලබාදුන් රුධිර සංචිතයන් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. best shoes | Nike for Men