Header

Sri Lanka Army

Defender of the Nation

11th April 2020 17:08:01 Hours

පවතින ඇඳිරි නීතිය තත්ත්වය හේතුවෙන් යාපනයේ භටපිරිස් සිවිල් වැසියන්ට ඖෂධ ලබාගැනීමට හා බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයති

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ / ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අප්‍රේල් මස 9 සහ 10 යන දිනයන් තුළ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වයස්ගත පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන් සිය ගණනකට සිය විශ්‍රාම වැටුප් ලබාගැනීමට බැංකු වෙත යාමට සහ ඖෂධ ලබාගැනීමට යෑම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ බස් රථ උපයෝගී කරගනිමින් සපයන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරියගේ පූර්ණ අධික්‍ෂණය යටතේ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ අනෙකුත් බලධාරීන්ගේ සහාය ඇතිව මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබිණි.

මෙම සිවිල් වැසියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය බස්රථ යාපනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් යුද්ධ හමුදා භටපිරිස් වෙත ලබාදී තිබුණි. Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ