10th April 2020 19:56:45 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් පසුගිය දින කිහිපය තුළ යාපනය දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන් සඳහා රුපියක් ලක්‍ෂ 1.5 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමට ඔවුන්ගේ දායකත්වය ලබාදී ඇත.
කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව පීඩාවිදින සමෘද්ධ ප්‍රතිලාභීන්, වකුගඩු රෝගීන් ඇතුළු ආබාධිත සහ වයස්ගත පුද්ගලයින් සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන පවුල් වෙනුවෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.
රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන තුලින් සෑම පුද්ගලයෙකුටම රුපියල් 5000.00 ක රාජ්‍ය සහනයක් ලෙස මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ තොගය ලබා දී ඇත. මෙහිදි යුද්ධ හමුදා සාමාජිකයන් රාජ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් වෙත මෙම දීමනාව දුන් අතර යාපනය ආරක්‍ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළුම සේනාංක සහ බලසේනාවන්ට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී තිබේ. spy offers | Womens Shoes Footwear & Shoes Online