Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2020 23:09:50 Hours

යුද්ධ හමුදා සංගීතයෙන් මහජනතාවගේ මනස සුවපත් කිරිම නොකඩවා ඉදිරියටත්

කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් තවත් ජංගම සංගීත ප්‍රසංග කිහිපයක් ඉකුත් බදාදා (8) දින මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සහ නාරාහේන්පිට යුද්ධ හමුදා නේවාසික මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායම් මහජනතාවගේ උණුසුම් ප්‍රීතී ඝෝෂා මධ්‍යයේ ඔවුන්ගේ සංගීත කුසලතාවයන් ප්‍රදර්ශනය කලෝය.

අප සමාජයේ මෙම තීරණාත්මක මොහොතේ එම නිවාස සංකීර්ණයන්හී සිටී සිවිල් වැසියන් ඔවුන්ගේ සදළුතල මත සිට දෑත් ඔසවා අත්පොළසන් දෙමින් ප්‍රිතී ප්‍රමෝදයෙන් කුල්මත් වූහ.

මහල් නිවාස සංකීර්ණයන්හි ජිවත්වන ජනතාවගේ මානසික මට්ටම උසස් තත්ත්වයක පවත්වාගෙන යාමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් සංගීත කණ්ඩායම් විසින් මෙම ජංගම සංගීත ප්‍රශංගයන් පවත්වනු ලැබිණි. Sportswear free shipping | Marki