09th April 2020 20:02:57 Hours
කොවිඩ් - 19 වෛරසය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා නාරහෙන්පිට මධ්‍යම රුධිර බැංකුවට රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමය විහරස්ථානයේදී ඔවුන්ගේ රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ විවිධ වර්ගයේ රුධිර කාණ්ඩ, රුධිර පට්ටිකා සහ නැවුම් රුධිර සංචිත සඳහා වන හදිසි අවශ්‍යතාවයන් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන දියත් කරන ලදී. spy offers | adidas