09th April 2020 20:32:08 Hours
දිවයින පුරා උද්ගතව ඇති ව්‍යසන තත්ත්වය හේතුවෙන් දියත් කරනු ලැබු ප්‍රජා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් පරිත්‍යාගශීලින් පිරිසක් සමග එක්ව අප්‍රේල් මස 6 සහ 7 යන දියනයන්හී ග්‍රාමසේවා වසම් 42 ක් තුළ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් අතර රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 500 ක ප්‍රමාණයක් බෙදා දෙන ලදී.
වටවල තේ සිලෝන් පුද්ගලික ආයතනය සහ එහි ක්‍රියාකාරී සගයා වන මැසෝන් බී.ටී.එල් පුද්ගලික සමාගමේ කළමනාකරු සහ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබා දුන් උපදෙස් මත කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ 65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ප්‍රජා ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර විසින් සංවිධානය කරන ලද මෙම ජංගම සහන යත්ත්‍රාව එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් බෙදාහරිනු ලැබීය. පරිත්‍යාග කරනු ලැබු සෑම සහන පාර්සලයක් තුළම සහල්, පරිප්පු, සීනි, තේ, සෝයා පැකට්, ළුණු, අර්තාපල්, ටින් මාළු සහ ලුණු පැකට් අඩංගු විය. Nike sneakers | Jordan Shoes Sale UK