Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2020 19:45:33 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සැරයන් වරයෙකු නව විෂබීජ නාශක කුටියක් නිර්මාණය කරයි

කොවිඩ් - 19 වෛරස පැතිරීම වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු සැරයන් වරයෙකු සිදු කළ නවෝත්පාදනයක් ලෙස විෂබීජ නාශක කුටියක් නිර්මාණය කර තිබිණි. මෙම විෂබීජ නාශක කුටිය එම රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියස තබා එහි පැමිණෙන සියළු දෙනා විෂබීජ හරණ කටයුතු වෙනුවෙන් යොදවා ඇත.

සැරයන් කේ.කේ.එම්. පුෂ්ප කුමාර විසින් මෙම විෂබීජ නාශක කුටිය ඔහුගේම නවෝත්පාදනයක් ලෙස නිමවා තිබු අතර ඒ අනුව ඉකුත් සඳුදා (6) දින සිට නාරහෙන්පිට ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට ඇතුළු වන සියළු දෙනාගේ විෂබීජහරණ කටයුතු සඳහා මෙය භාවිතා කරනු ලැබීය. Running Sneakers | Men's Footwear