Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2020 18:45:33 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් සහනාධාර බෙදාදීමට සහය දක්වයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි තේවන්පිඩ්ඩි සහ වේලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනෙකුට රජයේ අනුග්‍රහය ඇතිව සහන සලාක පාර්සල් තොගයක් බෙදාදීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ සම්බන්ධීකරණයෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් අදාළ ප්‍රදේශවල සමෘද්ධි නිලධාරින් සමඟ එක්ව මෙම වැඩසටහන දියත් කරනු ලැබීය. Running Sneakers Store | Yeezy Boost 350 Trainers