Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2020 19:47:33 Hours

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ගබඩාවක හදිසියේ ඇතිවූ ගින්නක් යුද්ධ හමුදා භටපිරිස් විසින් පාලනය කෙරේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගබඩාවල හදිසියේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් අද (5) දින උදෑසන කඩිනමින් ක්‍රියාත්මක වූහ.

යුද්ධ හමුදා සාමාජිකයන් කුරුණගල නාගරික ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය සමග එක්ව කෙටි කාලයක් තුළ ගින්න පාලනය කර ගැනීමට සමත් වූහ. spy offers | nike fashion