Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2020 21:00:05 Hours

යුද හමුදා සංගීත කණ්ඩායම හැව්ලොක් නගර වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය ඉහළ නංවයි

කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන් අද (5) දින කොළඹ 5, හැව්ලොක් නගරයේ මහල් නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ජංගම සංගීත ප්‍රසංගයක් පැවැත්විණි.

මෙම ජංගම සංගීත වැඩසටහන ගීතවත් කිරීම සඳහා භාතිය, සන්තුෂ් සහ උමාරියා සිංහවංශ ද සහභාගී වූ අතර යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සමඟ එක්ව ඔවුන්ගේ ජනප්‍රිය ගීත තුලින් මෙම අවස්ථාව වර්ණවත් කළහ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පෙර දැනුම්දීමකින් තොරව එම අවස්ථාවට පැමිණ ඔවුන් දිරිමත් කළේය. මෙම අවස්ථාවේදී නිවෙස් වල සිටින සිවිල් වැසියන් ඔවුන්ගේ නිවෙස්හි සඳළුතල මත හිඳිමින් දෑත් ඔසවා ජාතික ධජ ලෙල දෙවමින් ඔල්වරසන් දෙමින් තම සතුට ප්‍රකාශ කළේය. යුද්ධ හමුදාව විසින් ආරම්භ කළ මෙම සංගීත සංදර්ශනයන් තවත් මහල් නිවාස, සංකීර්ණයන්හී වෙසෙන ජනතාව වෙනුවෙන් වේදිකාගත කිරීමට නියමිතය. Running sports | New Releases Nike