Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2020 19:54:49 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් බෞද්ධ විශ්වවිද්‍යාලයට වියළි සලාක පරිත්‍යාග කෙරේ

306/සී/01 දිස්ත්‍රික් සිංහ සමාජයේ සභාපති සිංහ මහින්ද පෙරේරා, එස්.කේ. මුණසිංහ ට්‍රේඩර්ස් හී හිමිකරු සහ ‘බෝසත් ආර්යාශ්‍රාවක’ පදනමේ ඒකාබද්ධ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව හෝමාගම ප්‍රදේශයේ පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 89 නමකට ප්‍රමාණවත් වන වියළි හා නැවුම් ආහාර විශාල තොගයක් පරිත්‍යාග කරනු ලැබිණි.

මසකට පමණ සෑහෙන මෙම වියළි හා නැවුම් ආහාර තොගය විශ්වවිද්‍යාලය වෙත භාරදීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සෙනසුරාදා (4) දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අතර එහිදී, විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරී ස්වාමින් වහන්සේ සහ යෝගානන්ද ස්වාමින් වහන්සේ ආඥාපතිතුමන්තුමන් ලබාදෙන ලද සලාක පරිත්‍යාගය විශ්වවිද්‍යාලයේ කුලපති වෙනුවෙන් සංකේතාත්මක ලෙස පිළිගනු ලැබූහ.

මෙම ව්‍යාපෘතිය බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන සහ එම මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි විසින් සම්බන්ධීකරණය කරනු ලැබුවෝය. Asics shoes | Buy online Sneaker for Men