Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2020 14:50:56 Hours

දිළිදු පවුල් සඳහා යුද්ධ හමුදාව විසින් වියළි ආහාර සලාකයන් සහ එළවළු පරිත්‍යාග කරයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි 65 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (31) දින තුනුක්කායි සහ උයිලාන්කුලම් ප්‍රදේශවල ග්‍රාම සේවක නිලධාරින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව එම ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් 25 ක සාමාජිකයින් වෙනුවෙන් වියළි සලාක සහ නැවුම් එළවළු තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දෛනික ආදායම් ලැබූ පුද්ගලයින් හට සිය ස්වයං රැකියා අහිමිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පුද්ගලයින්ට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී. බණ්ඩාර ගේ ආශිර්වාදය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. Best Sneakers | Air Max