Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2020 23:30:11 Hours

නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනයට ලක් වූ සියළු විදේශිකයින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ සෞඛ්‍ය නිලධාරින්ට ප්‍රශංසා කරමින් ඉන් නික්ම යති

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දියතලාව, රන්ටැඹේ සහ පොම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 187 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අද (02) දින තම නිවෙස් බලා පිටව යන ලද බවත් අද වනවිට ත්‍රිවිධ හමුදාවන් විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධාන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 2308 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් ඇති බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. “ත්‍රිවිධ හමුදාව යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට ලක් කර සිටි විදේශිකයින් සියලුදෙනාම, එනම් රටවල් 15 කට අයත් විදේශිකයින් 31 දෙනෙකු නිරෝධානය ක්‍රියාවලිය නිමාවීමෙන් පසු මේ වනවිට එම මධ්‍යස්ථානවලින් පිටත්ව ගොස් ඇති බව ද” යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී අවධාරණය කරනු ලැබිණි.

“කොවිඩ්- 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සමග සමීපයෙන් ඇසුරු කළ අයවළුන් හා ඔවුන්ගේ පවුල්වලට අයත් තවත් පුද්ගලයින් 226 ක් බේරුවල ප්‍රදේශයෙන් බුද්ධි අංශ මඟින් අනාවරණය කරගත් තොරතුරු මත හා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හඳුනාගත් අතර ඔවුන්ව ඊයේ (01) දින රාත්‍රියේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. ඔවුන් ජීවත්වන නිවෙස් වල ඉඩ පහසුකම් නොමැතිවීම සැලකිල්ලට ගනිමින් හා ග්‍රාමය තුළ මෙම වෛරසය පැතිරීම අවම කිරීම සඳහාත් සියලුමදෙනාගේ ආරක්‍ෂාව සඳහාත් මෙම පියවර ගනු ලැබීය. එසේම, පුත්තලමේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 30 දෙනෙක් නිරෝධාන කටයුතු සඳහා ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව, නිරෝධායන මධ්‍යස්ථාන 40 ක පුද්ගලයින් 1683 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටිනවා. ඊයේ දිනයේ මියගිය පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් 300 කට අධික පිරිසක් අපගේ බුද්ධි අංශය, සෞඛ්‍ය අංශ හා අපගේ හමුදාව විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන්ව මඩකලපුවේ පිහිටි පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කරමින් සිටිනු ඇත. එසේම, හෙට (03) දිනයේ තවත් පුද්ගලයින් 312 දෙනෙකු තම නිවස් බලා පිටත්ව යාමට නියමිතයි.” යනුවෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබීය.

“ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම අද (02) දිනයේ ආරම්භ කළ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම විශ්‍රාම වැටුප්ලාභින් ග්‍රාම නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා යාමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් විශ්‍රාමිකයින් විශාල පිරිසකට ලබාදෙන ලදී. ඒ වගේම, ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබැගැනීම සඳහා එකී පුද්ගලයින් ඔසුසැල් වෙත ද රැගෙන යනු ලැබූ බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

සමාජ මාධ්‍යජාල හෝ වෙනයම් මාධ්‍යජාලා මගින් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශන පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගින් 40 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවට සමාජ මාධ්‍යජාලාවල වි‍ශේෂ පුවතක් වර්තාවන අතර මේ සම්බන්ධායෙන් වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ පවත්වන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. “මෙම රෝහලේ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ ළමුන් නොමැති බවත් සුපුරුදු පරිදි රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදුකරන බවත්” නියෝජ්‍ය පොලිස්පතිතුමන් පැවසීය. ඇඳිරි නීති කාලසීමාව තුල අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ලෙස එනම් අද උදෑසන 0600 පැයට අවසන් වූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 1017 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය පොලිස්පතිතුමන් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය. jordan release date | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf