Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2020 23:40:19 Hours

කොවීඩ් - 19 වෛරසය මැඩලීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අතින් නිමවුණු නිර්මාණාත්මක වීඩියෝපටය යූ ටියුබ් වෙත මුදාහැරෙයි

ලොව පුරා සීඝයෙන් පැතිරෙමින් පවතින කොරෝනා - 19 ‍වෛරසය මැඩලීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් සඳහා සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් ඔවුන්ගේ දායකත්වය සපයමින් අද (2) දින සන්ධ්‍යාවේ සන්නද්ධ හමුදාවන්, පොලිස් නිලධාරින්, වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, සුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ සහය ඇතිව මහජනතාව දැනුවත් කිරීමේ කෙටි චිත්‍රපටයක් ඇතුලත් වීඩියෝ පටයක් නිර්මාණය කරන ලදී.

කොවිඩ් - 19 නම් වෛරසය ව්‍යාප්තවීමේ භයානකකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පරම අභිප්‍රාය පෙරදැරිව රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යු ටියුබ් නිර්මාණකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය හරහා සකසන ලද වීඩියෝපටය යූ ටියුබ් වෙත මුදාහරින ලදී.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා අෂාන් ඔන්ලයින් (Ashan Online), නවා (Nava), එවර් ලවිං (Ever-Loving), ජනයි-ප්‍රියයි (Janai-Priyai), වස්ති (Wasti), ස්ටුඩියෝ රැට්ටා (Studio Ratta), විගඩම (Wigadama), ට්‍රැවල් විත් වයිෆ් (Travel with Wife), චූටී මල්ලී ඇන්ඩ් පොඩි මල්ලී (Chooti Malli & Podi Malli) යන ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී එක්රැස් වූහ.

මීට දින කිහිපයකට පෙර, මෙම සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හමුවූ අතර එහිදී, මෙම වෛරසයේ අවධානම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යාරක්‍ෂිත පුරුදු වල ඇති වැදගත්කම සහ ස්වයං නිරෝධායනය, සමාජ දුරස්ථභාවය යනාදි කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී සමස්ථ ශ්‍රී ලාංකීකයන්ටම තීරණාත්මක මොහොතක් වන මෙම අවස්ථාවේදී රජය විසින් ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ යුතුකම ඉටු කිරීමට ඔවුන්ගේ එකඟතාවය පළ කරනු ලැබූහ.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් ඉතා ඵලදායි ප්‍රචාරක මාධ්‍යයක් වන යූ ටියුබ් තුලින් මෙම වසංගතය තුරන් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම කොවිඩ් - 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක් වූ අතර එකම ජාතියක සහෝදර සහෝදරියන් වශයෙන් මෙම තීරණාත්මක මොහොතේ නැඟීසිටිමින් මෙම ගෝලීය වසංගතය පැතිරීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. තවද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ වෛද්‍ය අශාන් පතිරණ සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය කසුන් තාරකට ද මෙහිදී එතුමන්ගේ කෘතඥතාවය හිමිවිය. මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ දායකත්වය ද ලබා දී තිබිණි.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ වීඩියෝ පටය පහතින් දැක්වේ: (https://youtu.be/ZQBu3k1UcWU) Nike Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers