Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 20:35:32 Hours

66 වන සේනාංකයේ භට පිරිස් සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි

කෝවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් ශිවනගර්, පල්ලිකුඩා, පරන්තන්, කොල්ලකරච්චි සහ වෙඩියකුරිච්චි යන ගම්මානවල සිවිල් වැසියන් මුහුණ දී ඇති විවිධ දුෂ්කරතාවයන්ට විසදුමක් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ ඇති 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 11 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව, 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් එම ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් 26 ක සාමාජිකයන් 180 ක් අතර පිසු ආහාර පාර්සල් සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ උපදෙස් මත 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර ගේ අධීක්ෂණය යටතේ දියත් කරන ලදී.

මේ අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මෑතකදී පොන්නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්ෂල් බෙදා හැරීමට දායකත්වය දැක්වූ අතර ඊට අනුග්‍රහකත්වය එස්.කේ වැඩිහිටි නිවාස ප්‍රධානී එස්. කේ. නාදන් මහතා විසින් දක්වන ලදී. මෙම අවස්ථාව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා විසින් අධීක්‍ෂණය කරන ලදී. latest Running | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!