02nd April 2020 22:49:43 Hours
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කෝවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් හෝමගම මූලික රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමේ කර්තව්‍යය මේ වන විටත් ආරම්භ කෙරිණි.
හෝමාගම රෝහල් අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මෙන්ම කර්නල් සේනාවිධායක බ්‍රිග්‍රේඩියර් ආර් ගනේගොඩ අතර සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ලබාදුන් උපදෙස් හා සම්බන්ධීකරණය මත අවශ්‍ය සැලසුම් වැඩිදියුණු කරමින් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.එන් විජේසූරිය ඉකුත් අඟහරුවාදා දින එම පරිශ්‍රය වෙත පැමිණ එහි අවශ්‍යතා පිළිබද සොයා බලමින් අලුත්වැඩියා කටයුතු නිරීක්‍ෂණය කළේය. මෙම වැඩිදියුණු කරමින් පවතින නිරෝධායන මධ්‍යස්ථානය නොබෝ දිනකින් නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත භාරදීමට නියමිතව තිබේ. Buy Kicks | Marki