02nd April 2020 23:00:11 Hours
දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බ්‍රහස්පතින්දා (2) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.
දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිව සිටින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපකාර කිරීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අදහසකට අනුව මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාත්මක කරනු ලැබීය.
යාපනය, වන්නි, නැගෙනහිර, කිළිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ බටහිර යන ආරක්‍ෂක සේනා මූලස්ථාන හත තුල සේවයේ නියුතු භටපිරිස් විසින් එම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සක්‍රීයව දියත් කරනු ලැබීය. ඒ අනුව මෙම වැඩසටහන හෙට (3) දිනයේ ද ක්‍රියාත්මක වනු ඇත. Authentic Nike Sneakers | Klær Nike