01st April 2020 20:10:32 Hours
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (31) සන්ධ්‍යාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහභාගී වූහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පෙරියාකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පුර්ණ කළ පුද්ගලයින් 104 දෙනෙක්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 11 දෙනෙක් සහ ගුවන් හමුදාව විසින් පාලනය කරනු ලබන පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 206 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 321 දෙනෙකු වෛද්‍ය පරික්‍ෂණ සහ නිරෝධායන සහතික ලැබීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය බවයි. “අද (31) දින වන විට දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසුව පුද්ගලයින් 2021 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මඟින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48 න් 16 ක (දියතලාවේ නිවාඩු නිකේතන 13ක් සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථාන 3ක) සිටි පුද්ගලයින් මුළුමනින්ම ඉවත් වී ඇති බැවින් එම නිරෝධායන මධ්‍යස්ථාන මේ වන විට විෂබීජහරණය කරමින් පවති. ඒ අනුව, ඉතිරි නිරෝධායන මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 1773 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටින අතර ඉන් 9 දෙනෙකු විදේශ ජාතිකයින් වේ. ඒ වගේම, හෙට (01) දින විදේශිකයෙකු ඇතුළුව තවත් පුද්ගලයින් සිය දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බව” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“කොරෝනා වෛරසය ආසාධනය වී මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) දින මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හා හෙදකාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙකු යුද්ධ හමුදාව හා වෛද්‍ය නිලධාරින් විසින් වෛක්කාල් ප්‍රදේශයේ ප්‍රදේශයේ හෝටලයක් තුළ දින 14ක නිරෝධායනයකට ලක් කර තිබෙනවා. තවද, අප්‍රේල් මස 1 සහ 2 දිනයන්හී විශ්‍රාම වැටුප් ලබාගැනීමට නියමිත අප රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ද යුද්ධ හමුදාව සැලසුම් කර තිබෙන බව” යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.
අද (31) දින උදෑසන ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් සහ කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි දළ වටිනාකම රු. බිලියන 10 ක් පමණ වන බවද එතුමන් එම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ද සහභාගී වූහ. affiliate tracking url | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos